Wednesday, January 26, 2011

පාපොච්චාරණය

රැවුල්කාර   මහත්තුරුන්
බඩතඩි  මංත්‍රී  ගොල්ල
රත්තරං  පොරවාපු  මුදලාලිල
විසේකාර  බේබි  මහත්තැන්ල
කී  නොකී  සල්ලාලයන්  එක්ක  ඔට්ටු  වෙනවට
එකේක  දවසට  එකේක  ගානට
මගේ  කුණු  සරීරේට  ලංසු  තියලා
පසුම්බියෙන් අරං  වීසී  වෙන
නිල්  කොළ  වලට  කතා  කරන්න  පුළුවන්නම්
කියාවී
මං  ඒවයෙන්  සුවඳ  විලවුන්  ගත්තෙ  නැති  වග...

0 comments:

Post a Comment